
අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුජ්ජොමුව නමැති සුන්දර ග්‍රාමයේ පිහිටි අප පාසල ගුණ නැණ සපිරි පුරවැසියන් රැසක් රටට දායාද කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විදුහලේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතීක අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. ගිරිඋල්ල කලාපය තුළ පිහිටි පාසලක් වන අප පාසලේ අවට ගම්මාන 11 කින් පොෂණය වේ. සිසු සිසුවියන් 350 ක් අධ්‍යාපන කටයුතු වල නියැලේ.




















