ගිරි/ උඩකැකුළාවල මහා විද්‍යාලය 1936 නොවැම්බර් මස 26 වෙනි දින බුජ්ජොමුව බෞද්ධ පාඨශාලාව නමින් පෙරවරු 9. 10 ට යෙදුණු සුබ මොහොතින් විවෘත කර ඇත. බුජ්ජොමුව ගම් වාසින්ගේ දරුවන්ට පාඨමාලාවක් නොමැති අඩුපාඩුව පිරිමසා දීම පිළිබඳව මූලිකව කටයුතු සිදුකර ඇත්තේ හුම්බුළුව කේ.ජී ගිරිගෝරිස් අප්පුහාමි ආරච්චි මහතාය. ලීබඩු ලබා දීමෙන් සහ භූමිය ලබා දීමෙන් එහි වැඩ කටයුතු පිළිබඳ සොයා බලා කටයුතු කර ඇත්තේ උඩකැකුළාවල පදිංචි රාජපක්ෂ මුදියන්සේ සහ M.P.B රාජපක්ෂ මහතාය. එවකට පාසලේ ප්‍රධාන ආචාර්යවරයා වූයේ ඩී. බී. හේරත් මහතාය.උප ආචාර්යවරයා වූයේ ටී.වී රණතුංග මහතා ය. 1957 දී මෙම පාසල සිරිපැරකුම් මහා විද්‍යාලය ලෙස හඳුන්වා ඇත.මෙම වර්ෂය තුළ ගොඩනැගිල්ල ගොඩනගා ඇත
|
ආරම්භ කළ වර්ෂය |
1936 නොවැම්බර් මස 26 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඩී. බී. හේරත් මහතාය |
|
පාසලේ ආදි කතෘගේ නම |
- |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
බුජ්ජොමුව බෞද්ධ පාඨශාලාව |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඩී.බී.හේරත් මහතා |
|
පාසල පැවැත්වූ ස්ථානය |
උඩකැකුළාවල ග්‍රාමයේ කුඩා ගොඩනැගිල්ලක |























