විදුහල්පති පණිවිඩය
W.A.සරත් සේනාධීරසොඳුරු මහඔය නදිය මගින් පෝෂණය වන උඩකැකුලාවල ඓතිහාසිකගම්පියසේ පිහිටා තිබෙන අප පාසල කාලයේ පරිවර්තනය මැනවින් වටහා ගනිමින් එහිදියුණුවේ මාවත් විවර කරගෙන නොනිමි ගමනක යෙදෙන යෙදෙනු දක්නට ලැබීමසොම්නසට කරුණකි.උඩකැකුලාවල සහ තවත් පිටිසර ගම් කීපයක දරු දැරියන් මෙම පාසලේඅධ්‍යාපනය හදාරති. සියවස් භාගයක් ඉක්මවූ ඓතිහාසික ගමන් මගක් ඇති මෙම පුන්‍යතීර්ථයෙන් සිරි ලක් මෑණියන් වෙත ගොඩවී එය අස්වද්දා පෝෂණය කරන කීර්තිමත් ආදිශිෂ්‍යයන් බොහෝ පිරිසකි. රජයේ මෙන්ම පෞද්ගලික ක්ෂේත්‍රවල ඔවුන් ඉටු කරනුලබන බරසාර සේවය පාසලෙන් මෙතෙක් ඉටු ව තිබෙන අභිමානවත් මෙහෙවරට දෙස්දෙති.ක්‍රීඩා සහ සෞන්දර්ය ක්ෂේත්‍රවලින් ජාතික හා පළාත් මට්ටමේ ඇගයීම් වලටනොයෙක් වර ලක්ව තිබෙන අපගේ පාසල වත්මන් ලොව සමඟ පුළුල් සහ වඩාත්ඵලදායී ලෙස සම්බන්ධ වීමට තැනූ පාලම ලෙස මෙම වෙබ් අඩවිය දැක්විය හැකිය. මේහරහා ලොව කොතැනක සිට වුවත් අපගේ පාසල සමග ඔබට ද අත්වැල් බැද ගතහැකිය. උඩකැකුලාවල අවට ගම්වල පිපෙන සුසුවඳ චමත්කාරජනක අහිංසක මල්කැකුළු වල බලාපොරොත්තු මල්ඵල ගැන්වීමේ ක්‍රියාවලිය ට ඔබගේ සහයෝගය දලැබෙනු ඇතැයි අපේක්ෂා කරමි.ෙමම වබ් අඩවිය නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය සඳහා දායකත්වය දැක්වූසියලුම දනාට මාගේ ස්තුතිය පළ කරන අතර සියලුම දරුවන්ගේ ගුණ නුවණසංවර්ධනය වී අධ්‍යාපනෙය්ය අපේක්ෂාවන් සපල වේවායි පතමි.
Mr. W.A.සරත් සේනාධීර
විදුහල්පති
ව/ගිරි/උඩකැකුළාවල මහා විද්‍යාලය.























