ධීර වීර සුරුකම් රැඳුණු
ඥාන වීර්ය ගුණයෙන් පිරුණු
උඩකැකුළාවල විදුහල් මවගේ
අපි වෙමු සුවිනිත දරු දැරියෝ //
කලා ශිල්ප විද්‍යා දියුණු
ධර්ම ශාස්ත්‍ර ගුණයෙන් පිරුණු
උඩකැකුළාවල විදුහල් මවගේ
අපි වෙමු සුවිනිත දරු දැරියෝ //
විනීත ගුණ දරු මුදු මල් කැකුළු
අභීත බල දරු මහා ගල් කුළුණු
තෙදවත් නැණවත් ගුණවත් සුළු වත්
ලැබ දෙනු පාසල් මවුනි දයා //
අද දරු දැරියෝ පාසැල් මවගේ
හෙට පුරවැසියෝ සිරිලක් මවගේ
හෙළ බස හෙළ රැස හෙළ දෙස නංවා
ස්වර්ණ භූමියක් බිහි කරමු //























